1) බහුවිධ හැකියාවන්.
GPT-4o හරහා Text, Audio, Images කියන ආකාර 3 ටම content generate කරගන්න පුලුවන්.
ඒ විතරක්ම නෙමෙයි මේ හරහා හුඟක්ම සංකීර්ණ දේවල් කරගන්න පුලුවන්. ඒ කියන්නෙ සංවාදයක් වන විටදීම සිදුවන භාශා පරිවර්තනය, දෙයක් දැකලා ඒක අවබෝධ කරගෙන ප්රතිචාර දක්වන්න පුලුවන් වීමේ හැකියාව සහ සමාන්ය මනුස්සයෙක් වගේ කතාබහ කරන්නත් මෙයාට පුලුවන්.
2) ඉක්මනින්ම Process කරගැනීමට ඇති හැකියාව.
GPT-4 එකට වඩා දෙගුණයක් GPT-4o වල processing speed එක වැඩී. ඒවගේම GPT-4 Turbo එකට වඩා GPT-4o එකට යන Cost එක කලින් මුදලෙන් භාගෙකටත් අඩුයි. ඒ වගේම මෙයාගෙ response time එකත් සෑහෙන්න improve වෙලා තියෙනවා.
3) Code ගැන පෙරට වඩා හොඳින් අවබෝධ කරගත හැකි වීම.
මේ හින්දම මෙයාට ඕනම code එකක තියෙන වැරැද්දක් දැකලා ඉක්මනින්ම ඒ වැරැද්ද හරිගස්සන්න පුලුවන්. ඒ වගේම අලුතින්ම code එකක් ලියන්න ඉන්නවා නම් මෙයාව පාවිච්චි කරලා ඒ code එකේ වැඩටික ඉක්මනින්ම ඉවර කරගන්නත් පුලුවන්.
