Leonardo AI කියන්නෙ ඇත්තටම ගොඩක් Advance වගේම මම පෞද්ගලිකව කැමතිම User Friendly Interface එකක් තියෙන Text to Image Generative AI Tool එකක්.
Leonardo AI හරහා පරිශීලකයන්ට Text හෝ Image Description එකක් භාවිතා කරලා Images කිහිපයක් වුනත් එකවර Generate කරගන්න පුලුවන්.
මේකෙ තියෙන වැදගත් Features මොනවද කියලා බලමු.
1. Comprehensive Tool
මේ Tool එක හරහා,
👉 Pre - Models කිහිපයක් එකවර Manage කරගන්න පුලුවන්.
👉 Image එකක Aspect Ratio එක හදාගන්න පුලුවන්.
👉 Image එකක Resolution එක වෙනස් කරගන්න පුලුවන්.
👉 Image Enhancement පහසුකම.
👉 Texture එක වෙනස් කරන්න පුලුවන්.
👉 Image කිහිපයක් එකවර Process කල හැකි වීම.
2. තෝරාගත්ත AI Models හරහා විවිධ Styles වල Image Generate කරගන්න පුලුවන්.
මේකට භාවිතා කරන්නෙ පෙර පුහුණු කරපු AI Models. මේ එක එක AI Models වලින් Generate කරන Images වල Style එක වෙනස්. උදාහරණයක් විදිහට කිව්වොත් සමහර AI Models පුහුණු කරලා තියෙන්නෙ Photorealistic Images Generate කරන්න වගේම තවත් විවිධ AI Models පුහුණු කරලා තියෙනවා Isometric Images, Pixel Art වගේ එක එක Styles වල Image Generate කරන්න. ඔයාට නිර්මාණය කරන්න අවශ්‍ය Style එකට අදාල Pre Trained AI Model එක Select කරලා Text promt එක ආධාරයෙන් Images Generate කරගන්න පුලුවන්.
3. ඔයාගේ AI Model එක පුහුණු කරන්න.
ඒ කියන්නෙ මොකක්ද? මේකෙදි අපිට Generate කරගන්න අවශ්‍ය අදාල Style එකට අදාල Data Set භාවිතා කරලා ඒ Style එකට Image Generate කරන Custom AI Model එකක් Create කරගන්න පුලුවන්. ඒ වගේම Leonardo Platform එක භාවිතා කරන අනිත් Userලා Create කරපු Community AI Models වුනත් භාවිතා කරන්න හැකියාව තියෙනවා.
4. ඔයාගෙ Images Edit කරගන්න. (Canvas Image Editor)
Leonardo AI වල තියෙන තවත් සුවිශේෂ Feature එකක් තමයි Canvas Image Editor කියන්නෙ.මේ හරහා Image එකක් Crop, Resize, Image වල Colour Adjust කරන්න,Image එකකට Text එකක් Add කරන්න, Erase කරන්න පුලුවන්. මීට වඩා Options ගොඩක් තියෙනවා. මේ Basic දේවල්.ඒ වගේම Advance Functions 3 ක් අපිට මේ Canvas Image Editor එක හරහා භාවිතා කරන්න පුලුවන්. බලමු ඒ මොනවද කියලා.
👉 Inpaint/Outpaint Mode
ඕනම Image එකක Edges ඉතාමත් Advance විදිහට පුළුල් කරගන්න ඔයාට මේ Mode එක හරහා අවස්ථාව ලැබෙනවා. ඒ වගේම Image එකේ දැනට තියෙන දේවල් වෙනස් නොකර Image එකේ යම්කිසි Area එකක් Select කරලා අදාල Area එකේ දේවල් වෙනස් කරගන්න මේ Mode එක හරහා අවස්ථාව ලැබෙනවා.
👉 Img2Img Mode
Image එකක දැනට තිබෙන දෙයක් හෝ යම්කිසි Object එකක් අලුතින්ම ප්‍රතිනිර්මාණය කරගන්න මේ Mode එක භාවිතා කරන්න පුලුවන්.
👉 Sketch2Img Mode
මේ Mode එක හරහා ඔයා ඇඳපු චිත්‍ර සටහන් (Sketches) AI Generated Images බවට Covert කරගැනීමේ හැකියාව ලැබෙනවා.
නැත්නම් Image එකකට යම්කිසි Object එකක් අලුතින් Add කරන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා.
5. Image කිහිපයක් එකවර Generate කරගන්න.
මෙම Tool එක හරහා ඔයාට අවස්ථාව ලැබෙනවා එක Text Prompt එකක් හරහා Images කිහිපයක් ගැලපෙන Variant එකකින් ඔයාට හිතේ හැටියට Generate කරගන්න. මෙහෙම Images කිහිපයක් Generate කරගත්තම තියෙන වාසිය තමයි ඔයාගෙ වැඩේට ගැලපෙනම Image එක Select කරගන්න පුලුවන් වීම.
6. Photorealist
Alchemy Pipeline එක භාවිතා කරලා වඩාත් තාත්වික Images Generate කරගන්න මේ හරහා ඔයාට අවස්ථාව ලැබෙනවා. මේක ගොඩක් Advance AI Tool එකක් කියන්න හේතුවක් තමයි මේකෙන් Generate කරන Image ඉතාමත් තාත්වික වීම සහ වැඩි Resolution එකක් තියෙන Images මේ හරහා Generate කරගන්න පුලුවන් වීම.
7. Styles
මේ හරහා ඔයාට styles කිහිපයක් යටතේ image generate කරගන්න පුලුවන්.
⬤ Cinematic ⬤ Dynamic ⬤Illustrative ⬤Raytraced
8. Element
මේ option එක භාවිතා කරලා යම්කිසි තනි image එකක අසීමිත variations ගණනාවක් තනි text prompt එකක් භාවිතා කරලා නිර්මාණය කරගන්න පුලුවන්. userලට එක් අවස්ථාවකදී elements 4 ක් දක්වා තෝරගන්න පුළුවන්.
9. Negative Prompt
මේ feature එක හරහා යම්කිසි Image එකක Select කරන ලද Area එකක් බොඳ කරන්න හෝ Masking කරන්න පුලුවන්. මේකෙන් සරලවම වෙන්නෙ Image එකේ Focus නොවෙන්න ඕන තැන් බොඳ කිරීම හෝ Mask කිරීමයි.
10. Aspect Ratio
මේ හරහා ඔයාලට aspect ratio 8ක් දක්වා select කරගන්න පුලුවන්. aspect ratio එක තෝරා ගැනීම තීරණය වෙන්නෙ ගැනීම අදාල image එකේ dimension එක මතයි.
11. Guidance scale
User විසින් Image එකක් Generate කරන්න යොදන text promt එකේ strength එක guidance scale එක අඩු වැඩි කරලා හදාගන්න පුලුවන්.
12. Tilling
විශාල Image වල quality එක වැඩි කරන්න මේ option එක භාවිතා කරනවා.
13. Upload Image
මේ option හරහා Leonardo AI එකට ඔයාට image upload කරලා ඒ Image වල depth එක pose එක සහ edge එක වෙනස් කරගන්න පුලුවන්.
14. API
Leonardo AI එක API Configuration සඳහා සහය දක්වනවා.
15. Community Dashboard
පරිශීලකයන්ට Leonardo AI භාවිතා කරනකොට මතු වෙන ප්‍රශ්න සහ අලුත්ම trends ගැන කතා කරන්න මේ community dashboard පහසුන්කම භාවිතා කරන්න පුලුවන්.
💲එතකොට Leonardo AI වල මිල ගණන් කොහොමද?
👉 Free Plan :- සම්පූර්ණයෙන්ම නොමිලේ දවසකට Credits 150 ක් වෙනකන් භාවිතා කරන්න පුලුවන්.
👉 Apprentice Plan :- මේ plan එක මිල මාසෙකට $10 ක් වගේ තමයි වෙන්නෙ. මාසෙකට Images 8500 ක් generate කරගන්න පුලුවන්.
👉 Artisan Plan :- මේ plan එකෙ මිල මාසෙකට $24 ක් වගේ තමයි වෙන්නෙ. මාසෙකට Images 25000 ක් generate කරගන්න පුලුවන්.
👉 Maestro Plan :- මේ plan එකෙ මිල මාසෙකට $48 ක් වගේ තමයි වෙන්නෙ. මාසෙකට Images 60000 ක් generate කරගන්න පුලුවන්.
මේ තියෙන්නෙ Leonardo AI Website එකේ Link එක 👇

