OpenAI සමාගම විසින් GPT-4o mini නමින් AI Model එකක් හඳුන්වා දෙයි.


OpenAI සමාගම විසින් පසුගිය බ්‍රහස්පතින්දා දින GPT-4o mini නමින් නවතම AI Model එකක් හඳුන්වා දුන්නා. මෙම AI Model එක ඉතාමත් ලාභදායි වන අතර කුඩා කාර්‍යන් සඳහා වඩාත් සුදුසු වේ.

මෙය OpenAI සමාගම විසින් දැනට නිර්මාණය කර ඇති අති නවීන AI Models වලට වඩා ඉතාමත් ලාභදායී සහ වේගවත්ය.


දැනට මෙම GPT-4o mini AI model එක Developerලා වෙත මෙන්ම, ChatGPT Web සහ Mobile App හාවිතා කරන පාරිභෝගිකයන්ටද නිකුත් කර තිබේ. Enterprise පරිශීලකයන්ට ලබන සතිය තුල මෙම Chatgpt Mini AI Model එක භාවිතයට අවස්ථාව හිමිවන බවට OpenAI සමාගම මඟින් ප්‍රකාශ කර තිබේ.
Previous Post Next Post