GPT-4 වල අලුත් විශේෂාංග මොනවාද?

 


ChatGPT කියන්නෙ සරලවම මිනිසාගේ කථනය විලාසයට සමාන කතා විලාසයක් කෘතිමව උත්පාදනය කිරීම සඳහා OpenAI සමාගම විසින් නිර්මාණය කරපු කෘතිම බුද්ධියකි.  

GPT කියන නමේ තේරුම Generative Pre-trained Transformer යන්නයි. ඒ කියන්නෙ මිනිසෙකු මෙන් ලිවීමට Artificial Neural Networks භාවිතා කරන Deep Learning Technology එකක්.

OpenAI සමාගමට අනුව, මෙම Next Generation Language Model එක ප්‍රධාන අංශ තුනක් යටතේ Develop කරලා තියෙනවා. ඒවා නම්,

1) නිර්මාණශීලීත්වය
2) දෘශ්‍ය ආදානය (Visual Input එක)
3) දිගු සන්දර්භය (Long Context එක)

OpenAI සමාගමට අනුව ChatGPT-4 එකේ නිර්මාණශීලීත්වය අනිත් අංශ දෙකටම වඩා කැපී පේන විදිහට වැඩි දියුණු කරලා තියෙනවා. මේකට උදාහරණයක් විදිහට ChatGPT - 4 Update එකට සංගීතය, තිර රචනය, තාක්ෂණික ලේඛන සහ පරිශීලකයෙකුගේ ලිවීමේ විලාසය ඉගෙනීම පවා ඇතුළත් කරලා තියෙනවා.

GPT-4 හරහා පරිශීලකයකුගේ ඉල්ලීම අනුව වචන 25,000ක් දක්වා සකසන්න පුලුවන්. GPT-4 වෙතට Web link එකක් වුනත් යවල ඒ Web page එකේ ඇති වචන සමඟ Interact වෙන්න කියලා Request කරන්නත් පුලුවන්.  OpenAI සමාගමට අනුව මෙය දිග Context ලියන්න වගේම දීර්ඝ සංවාද සඳහාද ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා.

GPT-4 වල තියෙන තවත් සුවිශේෂ හැකියාවක් තමයි Image එකක තිබෙන දේවල් විස්තර කිරීමට එයට ඇති හැකියාව පෙන්වල දෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට අපි GPT - 4 එකට Baking ද්‍රව්‍ය කිහිපයක් තියෙන Image එකක් ලබා දීලා ඒ Image එකේ තියෙන දේවල් වලින් හදන්න පුලුවන් මොනවද ඇහුවොත් ඒවත් විස්තර කරන්න GPT 4 හරහා පුලුවන්.

Previous Post Next Post